How to Use Rice Cooker

රයිස් කුකර් එකෙන් හරියටම බත් උයන්නේ කොහොමද? (Step-by-Step Guide)


අද වෙනකොට ලංකාවේ හැම ගෙදරකම වගේ දකින්න ලැබෙන, කුස්සියට නැතුවම බැරි උපකරණයක් තමයි රයිස් කුකර් එක. හැබැයි රයිස් කුකර් එකක් නිවැරදිව පාවිච්චි නොකළොත් බත් එක ඇලෙන්න, මෙලෙක් වෙන්න හෝ කරවෙන්න පුළුවන්. ඒ වගේම රයිස් කුකර් එක ඉක්මනින්ම සවුත්තු වෙන්නත් ඉඩ තියෙනවා.

ඔබත් රයිස් කුකර් එකක් නිවැරදිව සහ ආරක්ෂිතව භාවිතා කරලා හැමදාම රසට බත් උයාගන්න කැමති නම්, මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න.

1. හාල් මැන ගැනීම සහ සේදීම

රයිස් කුකර් එකත් එක්ක ලැබෙන මිනුම් කෝප්පය (Measuring Cup) පාවිච්චි කරලා ඔබට අවශ්‍ය හාල් ප්‍රමාණය මැනගන්න. ඉන්පසු වෙනත් භාජනයකට හාල් දමා හොඳින් සෝදාගන්න.

  • විශේෂ උපදෙස: රයිස් කුකර් එකේ ඇතුළත තියෙන භාජනය (Inner Pot) ඇතුළෙම හාල් සෝදන්න එපා. එහි ඇති Non-stick තට්ටුව සීරීමට ලක්විය හැක.

2. නිවැරදිව වතුර ප්‍රමාණය එකතු කිරීම

සෝදාගත් හාල් ටික රයිස් කුකර් භාජනයට දමා, හාල් ප්‍රමාණයට ගැලපෙන පරිදි වතුර එකතු කරන්න.

  • සාමාන්‍යයෙන් සුදු කැකුළු හෝ සම්බා සඳහා: හාල් කෝප්ප 1කට වතුර කෝප්ප 2ක්.

  • රතු කැකුළු හෝ නිවුඩු හාල් සඳහා: හාල් කෝප්ප 1කට වතුර කෝප්ප (2.5) ක් පමණ.
    (රයිස් කුකර් භාජනයේ ඇතුළත ඇති සලකුණු (Water Lines) මඟින්ද වතුර මට්ටම බලාගත හැක).

3. බාහිර කොටස වියළා ගැනීම

භාජනය රයිස් කුකර් එක ඇතුළට දැමීමට පෙර, භාජනයේ බාහිර බිත්ති සහ පතුල රෙදි කඩකින් හොඳින් පිසදා වියළා ගන්න. භාජනය පිටත වතුර තිබුණහොත් රයිස් කුකර් එකේ හීටරයට (Heating Element) හානි විය හැක.

4. පිස ගැනීමට සැකසීම (Cooking)

භාජනය රයිස් කුකර් එක තුළ නිවැරදිව තබා, මූඩිය වසා, විදුලි පේනුව (Plug) සම්බන්ධ කරන්න. ඉන්පසු එහි ඇති ස්විචය පල්ලෙහාට කර “Cook” මට්ටමට දමන්න.

5. නිවීම සහ නිවුණු පසු (Warm Mode)

බත් එක ඉදී අවසන් වූ පසු ස්වයංක්‍රීයවම ස්විචය ඉහළට ගොස් “Warm” මට්ටමට මාරු වේ. ස්විචය මාරු වූ සැනින් මූඩිය අරින්න එපා. විනාඩි 5-10ක් පමණ මූඩිය වසා තැබීමට හැරීමෙන් බත් එක හොඳින් හුමාලයෙන් තැම්බී මෘදු වේ.

6. පාවිච්චියෙන් පසු පිරිසිදු කිරීම

බත් බෙදාගැනීම සඳහා රයිස් කුකර් එක සමඟ ලැබෙන ප්ලාස්ටික් හැන්ද (Spatula) පමණක් පාවිච්චි කරන්න. යකඩ හැඳි පාවිච්චි කිරීමෙන් භාජනය සීරේ. භාජනය සේදීමේදී කම්බි කූරු (Steel Wool) පාවිච්චි නොකර, මෘදු ස්පොන්ජ් එකක් භාවිතා කරන්න.
රසට බත් උයන්න තවත් රහස් කිහිපයක් 

  • බත් ඇලීම වැළැක්වීමට: වතුර එකතු කරන වෙලාවට පොල්තෙල් හෝ එළවළු තෙල් බින්දු කිහිපයක් සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. එමඟින් බත් ඇට එකිනෙක ඇලෙන්නේ නැතිව, දිලිසෙන ස්වභාවයෙන් යුතුව පිසගත හැක.

  • සුවඳ සහ රස වැඩි කිරීමට: බත් එක උයන්න තියනකොට කරපිංචා කොළයක්, රම්පේ කැබැල්ලක් හෝ කරාබුනැටි 1-2ක් දැමීමෙන් බත් එකට හොඳ සුවඳක් සහ රසක් එකතු කරගත හැක.

  • බත් බෙදීමට පෙර: බත් එක ඉදී ‘Warm’ මට්ටමට පැමිණ විනාඩි 10කට පසු, ප්ලාස්ටික් හැන්දෙන් බත් එක යන්තම් උඩුයටිකුරු කර (Fluffing) කලවම් කරන්න. එමඟින් ඇතුළත ඉතිරි වී ඇති අමතර හුමාලය පිටවී බත් එක කැට සිටින සේ තබාගත හැක.

රයිස් කුකර් එකේ ආයුෂ වැඩි කරගන්න උපදෙස් 

  • Inner Pot එක තබන නිවැරදි ක්‍රමය: භාජනය රයිස් කුකර් එක ඇතුළෙන් තැබූ පසු, එය වමට සහ දකුණට යන්තම් කරකවන්න. එමඟින් බඳුනේ පතුල සහ රයිස් කුකර් එකේ හීටරය (Heating Plate) හොඳින් ස්පර්ශ වී තාපය සමව බෙදී යයි.

  • සේදීමට පෙර නිවෙන්න හරින්න: බත් පිසූ සැනින් රයිස් කුකර් භාජනය (Inner Pot) සීතල වතුරට දමන්න එපා. උෂ්ණත්වය එකවරම වෙනස් වීම නිසා එහි ඇති Non-stick තට්ටුව ගැලවී යා හැක. භාජනය නිවුණු පසු සෝදාගන්න.

  • වාෂ්ප සිදුර පිරිසිදුව තබන්න: රයිස් කුකර් මූඩියේ ඇති හුමාලය පිටවන කුඩා සිදුර (Steam Vent) නිතරම අවහිර නොවන සේ පිරිසිදුව තබාගන්න.

 

 
How to use Air Fryer Propely

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

My Cart
Wishlist
Recently Viewed
Categories
Wait! before you leave…
Get 30% off for your first order
CODE30OFFCopy to clipboard
Use above code to get 30% off for your first order when checkout

Recommended Products

Compare Products (0 Products)